යන එන පිස්සෝ..

Saturday, August 31, 2013

නිල් නෙතූ.......

දිනෙක අදුරේ නෙත ගැටී ආදරේ  මිණි මුතු
සාගරේ දිය තරම් යයි සෙනෙහේ  ලෙංගතු
දැනුනේ සිරි දෙව්දුවක් බව වූ පසූ  අන්සතු
මොනවා කරන්නද අහිමිව ගියා නිල් නෙතු

පැටලී හඩා වැටුනත් බැදි පෙම් දම් කොනේ
රැවටී මුලා වූවත් නොයිදුල්          ආදරේ
 හැරදා ගියේ නෑ පැරදුනාට නොසිතුව    සේ
 වරදේ බැදුනේ නෑ ඔබ මා මෙන් කිසිම දිනේ

සද සේ නැගී ආවත් මහදේ යහන්    තලේ
නින්දේ උන්නු මා හට නොදැනී බැස    ගියේ
පෙරදා දිලුන තරු වැල් නෑ අද කොහේ ගියේ
පායන්න සදවතියේ ඔබ ඔහුගේ    ලෝකයේ


                               ගායනය:-ලක්ෂ්මන් හිල්මි




Sunday, July 8, 2012

නිරුපමාලා...


          අහගන්නේ නැති නිසයි
          අර්ථයක් නැහැ කිව්වේ
          විෂ කියල හිතුන මයි
          මිනී මල් විසි කෙරුවේ
          මිනිසුන්ගේ විතරමයි
          පිරු පැතුම් ඉටු වෙන්නේ
          අපට අප නැති වුනොත්
          තමා ලෝකය නවතින්නේ
         බලා ගෙන නොසිටියත්
         මා ඔබවමයි පැතුවේ
         සුබ හීනයක් නැතිද
         ඇසි පියට නතු වන්නේ
         විහිදමින් හිරු කිරණ
         ඝන අදුර දුරලන්නේ
         මිය ගිහින් මගේ ලොවම
         ඉකි ගසා වැලෙපෙන්නේ

         දැන් ආයිත් හැම පේලියෙම දෙවනි අකුර එකතු කරල කියවන්න.එතකොට කථාව තේරෙයි...

Tuesday, May 1, 2012

ඔබට සැමදා වාසනා..

කොච්චර කල් ගියත් ඉස්කෝලේ ජීවිතේ නම් අමතක වෙන්නේ ම නෑ.අමතක කරන්නත් බෑ.ඉස්කෝලේ යාලුවෝ සෙට් එක දැන් ලෝකේ හතර වටේට වෙලා.අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ව නම් සති අන්තෙට වත් සෙට් වෙනවා.අද සෙට් වෙලා කථා කර කර ඉන්නකොට තමයි දැන ගත්තේ දෙනියාය පැත්තේ  සංගීතයක් තියෙනවා කියල.මං ඒක කිව්වා විතරයි චූටි පුතා යන්න කස්ටිය සෙට් කරලත් ඉවරයි.ඒත් හැමදාම වෙන්නේ ගෙදරින් දාන කේස් නිසා කස්ටිය සෙට් කරල මෑන්ට ගෙදර නවතින්න වෙන එනනේ.

Saturday, April 14, 2012

ඇය හට හිමි නැතිද සුභ සිහිනයක සුවේ..

ඉස්කෝලෙන් පස්සේ මං ගොඩාක් වෙලාවට ඇගලුම් කම්හල් නැතිනම් ගාමන්ට් වලට සම්බන්ධ වුනා.mas group (Bodyline),ක්වන්ටම් ඉන්ටිමේට්ස්,මැලිබන් ටෙක්ස්ටයිල්ස්  වගේ ලංකාවේ තියෙන ගොඩක් තැන්වල මම වැඩ කරල තියෙනවා.ඒ තැන් වල ඉන්න අයත් එක්ක කථා බහ කරලත් තියෙනවා.ඒ නිසා ඒ අයගේ ජීවිත ගැන ගොඩක් දේවල් මම දන්නවා.
ඒවයේ තියෙන්නේ අමුතු වෙනස්ම ජීවිතයක්.ගොඩක්ම ඉන්නේ දුර ඈත පැති වලින් ඇවිත් කම්හල ආසන්නයේම බෝඩ් වෙලා වැඩ කරන අය.ගන්න පඩියෙන් මාසයක් කාල බීල බෝඩිමට ගෙවල ගෙදරටත් සල්ලි යවනවා.මාස දෙක තුනකට පාරක් තමයි ගෙදර යන්න වෙන්නේ.සමහරු ඉන්නවා අවුරුදු ගනන් ඉන්න අය.ඒත් ගොඩක් අය ටික කාලයක් ඉන්නවා,මීට වඩා වැඩි පඩියක් දෙන තැනක් හම්බ වුනොත් එතනට යනවා.

Wednesday, April 11, 2012

මිතුරියක ලෙස ඔබ සදා රැදේවා..


අපි ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලොනේ.පලවෙනි ලැජ්ජාව කරන කාලේ වෙනකොටත් එහෙමටම කියල කෙල්ලෝ එක්ක කතාවක් තිබුනේ නෑ.අපේ සෙට් එකේ අට දෙනා පිස්සු කෙලින්න ගත්තම ආයි වෙන කෙනෙක්ට එතන ඉඩක් නෑ.අනික අපි ඒ කාලේ කෙල්ලකන්ගේ කච කචේට ආසම නෑ.පලවෙනි ලැජ්ජාව ගොඩ දාගෙන අපි දෙවනි එකට ලෑස්ති වුනා.

Monday, April 2, 2012

තාමත් ආදරේ ඔබටයි මගෙ සීදේවී

 සිහිනෙන් දැනේ එන බව ඔබ සිතට මගේ
 අතැගිලි දිවේ මගේ නිසසල සිරුර දිගේ
 ඔබ ගැන පැතූ පැතුමන් මතකයට නැගේ
 සිහිනෙන් මිසක හැබැහින් හිමි නැතිද නගේ

Monday, March 19, 2012

දෑස තෙමිලා.. හීන පෙගුනා..




          
දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
සුවද හමනා සුළගකට මා..ඔබෙන් ලද සියල්ල දන් දුන්නා..
හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා..