යන එන පිස්සෝ..

Monday, April 2, 2012

තාමත් ආදරේ ඔබටයි මගෙ සීදේවී

 සිහිනෙන් දැනේ එන බව ඔබ සිතට මගේ
 අතැගිලි දිවේ මගේ නිසසල සිරුර දිගේ
 ඔබ ගැන පැතූ පැතුමන් මතකයට නැගේ
 සිහිනෙන් මිසක හැබැහින් හිමි නැතිද නගේ

ඔබ ගැන මතක ඇත මගෙ ජීවිතය පුරා                              
ඇස් වල කදුලු  මම තවමත් සිටිමි දරා
ඔබ ගෙන ගිය නමුත් මගේ ආදරය සොරා
පණ වගෙ ආදරෙයි මගෙ නෙතු පියෙන තුරා

කුඩයක ගුලිවෙලා සීතල  සිරිපොද වැස්සේ
පියමන් කලෙමු නගරේ මාවත් ඔස්සේ
නෙතගින් වැටෙන කදුලැලි ඔබමයි පිස්සේ
සිහිනෙන් ඔබව දුටු විට හදවත ගැස්සේ

බොද කර දමා මා ලියු කවි පද පේලී
හදවත කඩා දැම්මත් දෙකකට කෑලී
මා හැර දමා ඇදුනත්   සුළගේ පාවී
 තාමත් ආදරේ ඔබටයි මගෙ සීදේවී