
සදවන් මුහුනේ පුරවාගෙන සිනහ තරු
දා බිදු හෙලයි කරනට මගේ දිවිය සරු
දළදා සමිදු මගෙ රට වැඩ වසන තුරු
රන් මිණි වැට නුඹයි මගේ දිවි එලිය කෙරු
මාලිගයකට සම පින්බර නිවස පුරාමල්පෙති වලට ඔබේ මුදු ගුණ සුවද කවා
ළතැවුල් නිවාලයි ඔබේ ආදරය නුරා
නිරතුරැ දිරි දෙමින් මා ලග සිටින තුරා
යෙහෙලිය ඔබයි අම්මේ දිවි තිබෙන තුරා
ඔබගේ සොදුරු සිනහව නම් නැත නිම්මා
බස් හසුරවයි ආදර වැස්සෙන් තෙම්මා
සමනල තටු වලට වැඩියෙන් මුදු ඔබේ පෙම්මා
දාහය නිවන සිහිලැල් සුළගයි අම්මා
ගේ දොර හැඩ කරයි මුදු වදනකින් පවා
මම කල සියලු වරදට කදුලකින් තවා
වදිනෙමි පාද යුග අම්මේ ඔබේ සිරස නමා
වී සෙවනැල්ල මා හට දුන් අමිල පෙමමේකේ හොදම කතාව තියෙන්නේ හැම පදේම මුල් අකුරු වල
මා හට දුන්නු ඔවදන් මුතු මැණික් සම
ඔය ඇස්වලට පෙනුනත් මගේ තරුණ කම
බහ තෝරපු වියේ දියණියමයි අදත් මම
දුව ගෙන ඇවිත් දැවටෙන්නද අතේ සුදූ
වන මල් වලින් සරසමි ඔබේ වරල මුදූ
වේවා කියන්නට බැහැ ඔබ මතු සසරෙ බුදූ
වාවනු නොහැක මව නොවුනොත් දුවට සුදූ


