අහගන්නේ නැති නිසයි
අර්ථයක් නැහැ කිව්වේ
විෂ කියල හිතුන මයි
මිනී මල් විසි කෙරුවේ
මිනිසුන්ගේ විතරමයි
පිරු පැතුම් ඉටු වෙන්නේ
අපට අප නැති වුනොත්
තමා ලෝකය නවතින්නේ
බලා ගෙන නොසිටියත්
මා ඔබවමයි පැතුවේ
සුබ හීනයක් නැතිද
ඇසි පියට නතු වන්නේ
විහිදමින් හිරු කිරණ
ඝන අදුර දුරලන්නේ
මිය ගිහින් මගේ ලොවම
ඉකි ගසා වැලෙපෙන්නේ
දැන් ආයිත් හැම පේලියෙම දෙවනි අකුර එකතු කරල කියවන්න.එතකොට කථාව තේරෙයි...





