ඉස්කෝලෙන් පස්සේ මං ගොඩාක් වෙලාවට ඇගලුම් කම්හල් නැතිනම් ගාමන්ට් වලට සම්බන්ධ වුනා.mas group (Bodyline),ක්වන්ටම් ඉන්ටිමේට්ස්,මැලිබන් ටෙක්ස්ටයිල්ස් වගේ ලංකාවේ තියෙන ගොඩක් තැන්වල මම වැඩ කරල තියෙනවා.ඒ තැන් වල ඉන්න අයත් එක්ක කථා බහ කරලත් තියෙනවා.ඒ නිසා ඒ අයගේ ජීවිත ගැන ගොඩක් දේවල් මම දන්නවා.
ඒවයේ තියෙන්නේ අමුතු වෙනස්ම ජීවිතයක්.ගොඩක්ම ඉන්නේ දුර ඈත පැති වලින් ඇවිත් කම්හල ආසන්නයේම බෝඩ් වෙලා වැඩ කරන අය.ගන්න පඩියෙන් මාසයක් කාල බීල බෝඩිමට ගෙවල ගෙදරටත් සල්ලි යවනවා.මාස දෙක තුනකට පාරක් තමයි ගෙදර යන්න වෙන්නේ.සමහරු ඉන්නවා අවුරුදු ගනන් ඉන්න අය.ඒත් ගොඩක් අය ටික කාලයක් ඉන්නවා,මීට වඩා වැඩි පඩියක් දෙන තැනක් හම්බ වුනොත් එතනට යනවා.