යන එන පිස්සෝ..

Saturday, August 31, 2013

නිල් නෙතූ.......

දිනෙක අදුරේ නෙත ගැටී ආදරේ  මිණි මුතු
සාගරේ දිය තරම් යයි සෙනෙහේ  ලෙංගතු
දැනුනේ සිරි දෙව්දුවක් බව වූ පසූ  අන්සතු
මොනවා කරන්නද අහිමිව ගියා නිල් නෙතු

පැටලී හඩා වැටුනත් බැදි පෙම් දම් කොනේ
රැවටී මුලා වූවත් නොයිදුල්          ආදරේ
 හැරදා ගියේ නෑ පැරදුනාට නොසිතුව    සේ
 වරදේ බැදුනේ නෑ ඔබ මා මෙන් කිසිම දිනේ

සද සේ නැගී ආවත් මහදේ යහන්    තලේ
නින්දේ උන්නු මා හට නොදැනී බැස    ගියේ
පෙරදා දිලුන තරු වැල් නෑ අද කොහේ ගියේ
පායන්න සදවතියේ ඔබ ඔහුගේ    ලෝකයේ


                               ගායනය:-ලක්ෂ්මන් හිල්මි