යන එන පිස්සෝ..

Wednesday, April 11, 2012

මිතුරියක ලෙස ඔබ සදා රැදේවා..


අපි ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලොනේ.පලවෙනි ලැජ්ජාව කරන කාලේ වෙනකොටත් එහෙමටම කියල කෙල්ලෝ එක්ක කතාවක් තිබුනේ නෑ.අපේ සෙට් එකේ අට දෙනා පිස්සු කෙලින්න ගත්තම ආයි වෙන කෙනෙක්ට එතන ඉඩක් නෑ.අනික අපි ඒ කාලේ කෙල්ලකන්ගේ කච කචේට ආසම නෑ.පලවෙනි ලැජ්ජාව ගොඩ දාගෙන අපි දෙවනි එකට ලෑස්ති වුනා.

අපි අට දෙනා එක එක පන්ති වලට වැටුනා.මමයි චූටි පුතයි එක පන්තියට වැටුනා.මගේ කලින් පොස්ට් එකක දැම්මා එල කිරි වගේ කවි ලියන යාලුවෙක් ගැන ශ්‍රී නුවන් කියල.පොඩි සිද්ධියක් නිසා මිනිහට පස්සේ චූටි පුතා කියල ම නම සේව් වුනා.මිස්ල සර්ල අපිට බලෙහත්කාරයෙන් උගන්නන්න හැදුවත් මායි චූටි පුතයි ඒවට අහු නොවි ඉන්න පරිස්සම් වුනා.ත්‍රිකෝණමිතිය උගන්නන කොට චූටි පුතයි මායි කතා කලේ සිරසේ විමර්ශන ගැන.පිසික්ස් වලදී අපි මොනව හරි ආතල් එකක් කොලේක ලියල පන්තිය වටේ යවනවා.ඒක වටේ ගිහින් එද්දි අලුතින් කෑලි එහෙම එකතු වෙලා නියම නිර්මානයක් වෙනවා.මැත්ස් පීරියඩ් එකේ තමයි සින්දු හැදුවෙ,නිසදැස් ලිව්වේ.යාලුවෝ චාටර් වෙච්ච සීන් වලට කවි හැදුවේ මේ වෙලාවේ තමයි.මැත්ස් වලදී ගානක් දීල හදන්න ටිකක් වෙලාව දෙනවනේ.ඒකයි ඒක ආර්ට් වලට ගත්තේ.

ඉංග්‍රීසි මිස් එද්දී අපි ඒ පන්තියේ නෙමේ වගේ හලියට පනිනවා.අපේ පන්තිය මැත්ස් පන්තියක් නිසා හිටියේ කොල්ලෝ 21යි කෙල්ලෝ 9යි.අනිත් කොල්ලෝ 19දෙනාම පිස්සෝ වගේ ඉගෙන ගන්නවා,ගනන් හදනවා,ටියුෂන් වල  ටියුට් හදනවා එක විකාරයයි.සර් කෙනෙක් පේන්න බෑ ගිහින් මොනව හරි ගානක් හදන හැටි අහනවා.අපිත් කසාය බීපු ගොලුවෝ වගේ මේවා බලන් හිටියා.

කොල්ලො එහෙම පොත් වලම හිටියම අපරාදේ කියන්න බෑ කෙල්ලෝ නම් එළ.වැඩත් කලා,අපි කරන පිස්සු වලට උපරිම සප් එක දුන්නා.අපේ නෝට් පවා ලිව්වේ උන්.කුඩ ඇතුලට හීනියට ඉරල  කොල දානවා,විකාර ලියල පිටේ එල්ලනවා,නිල් පෑනට රතු පාට බට දානවා වගේ පොඩි පොඩි ආතල් උන් අපිටත් දුන්නා.උන් ගෙන් සංජුයි ඩෝරයි අපේ බුදු පිට් එක වුනා.සංජීවනී එඩිට් කලාම සංජූ වුනා.ඩෝරා වැටුනේ ඒකිගේ පෙන්සිල් කේස් එකේ එහෙම ගහල තිබුන හන්දා.

පදුර වටේ තැලුවේ අපිට සංජුගේ සමරු පොත දුන්නම චූටි පුතා ඒකේ උගෙ ඉට්ටැයිල් එකෙන් ලියපු කවිය ගැන ලියන්න හිතුන නිසයි.අපේ කථාව නොදැන කියෙව්වොත් නම් කවිය ජපන් වගේ වෙයි කියල හිතුන නිසයි පදුර වටේ තැලුවේ.චූටි පුතා අපේ යාලු කමයි අපි කරපු පිස්සු ටිකයි දාල කවිය නියමෙට ගලපලා තිබුන.ඩෝරට ලියපු එක පස්සේ දාන්නම්.

දිනකදි උදෑසන ඔබ මා මුන ගැසුනා
නුවන් සිනා ඔබ දුටු විට කරකැවුනා
ශාන්ත දාන්තව දැල එළලා තිබුනා
මිතුරෙක් ලෙසින් ඒ දැළ උඩ මම වැටුනා
තුන් හිතකවත් නොතිබුනි ඔබෙ කටේ සැර
රිදුනත් දෙකන් සුවපත් වෙයි පැය දෙකින
න්නට සිතුන මුත් සොනික්ට හා මෙමට
න්නට හදයි පැනලා අපගේ ඔලුව
ලෙස්සල  යන්න දස්සයි දැක්කම අංජු
ත්තම දමයි අපහට සැමදා සංජු
රවන්නන් අතරේ සැමදා නම රැන්දූ
ස්සෙක් සිටීවිද ලොව කොහෙවත් ඇන්දූ
දකඩ පහනේ ගව රූපය සිතෙහි ඇදී
දාඩිය දානවා බැලු විට ඔබ හිනැහී
රැල්ලට ඩෙනිම ඇන්දත් සතුටින් ඉපිලී
දේදුන්නක් මෙන් ඔබ යයි දෙකට නැමී
වාවන්නේ නැත්තේ ඒකයි අපට යලී

කතාවේ හොදම ටික තියෙන්නේ හැම පදේම මුල අකුරේ කියල දන්නවනේ…



1 comment: