යන එන පිස්සෝ..

Tuesday, May 1, 2012

ඔබට සැමදා වාසනා..

කොච්චර කල් ගියත් ඉස්කෝලේ ජීවිතේ නම් අමතක වෙන්නේ ම නෑ.අමතක කරන්නත් බෑ.ඉස්කෝලේ යාලුවෝ සෙට් එක දැන් ලෝකේ හතර වටේට වෙලා.අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ව නම් සති අන්තෙට වත් සෙට් වෙනවා.අද සෙට් වෙලා කථා කර කර ඉන්නකොට තමයි දැන ගත්තේ දෙනියාය පැත්තේ  සංගීතයක් තියෙනවා කියල.මං ඒක කිව්වා විතරයි චූටි පුතා යන්න කස්ටිය සෙට් කරලත් ඉවරයි.ඒත් හැමදාම වෙන්නේ ගෙදරින් දාන කේස් නිසා කස්ටිය සෙට් කරල මෑන්ට ගෙදර නවතින්න වෙන එනනේ.


“මු දෙනියායේ යන්න ප්ලෑන් කරන්නේ සංගීතේ බලන්න නෙමේ බං ඩෝරව බලන්න”. එහෙම කිව්වේ තත්තේ.
අපි ඉතින් ඒ කාලේ චූටි පුතාවයි ඩෝරවයි ජෝඩු කරල තිබ්බේ.තාමත් අපි ඒක මතක් කරල  බයිට් කරනවා.චුටි පුතයි,ඩෝරයි පාටිනුයි,උසෙනුයි එක වගේමයි.පස්සේ චූටි පුතාගේ බලපැම් නිසා ඒකිට ඉස්කෝලේ සමිතියක සහාපති කෙනෙක්ව ජෝඩු කලා.ඩෝරා දෙනියායේ ඉදල  අපේ ඉස්කෝලෙට ආවේ දෙවෙනි ලැජ්ජාව කර ගන්නයි.ආපු මුල් දවස් ටිකේ නම් ඔලුව වත් උස්සල කතා කලේ නෑ.ඒත් ටික කලක් ගියාම නම් පන්තියේ ඇහුනේ ඒකිගේ කට විතරයි.
ඩෝරයි සංජුයි අපිට සෙට් වුන හැටි මම කලින් කතාවෙදි කිව්වනේ.ඩෝරගේ  තිබුණ දෙනියායේ වචන සෙට් එකටයි කරපු පිස්සු වැඩ නිසයි ඉක්මනට අපිත් එක්ක සෑහෙන පිට් වුනා.
කස්ටියටම මතක ඇතිනේ චූටි පුතා සංජුගේ සමරු පොතේ ලියපු කවිය.මං ඒක ඉවර කලේ ඩෝරගේ කවියත් පස්සෙ දාන්නම් කියලනේ.අද හිතුනා  ඒකත් ඔන්න ඔහේ දානවා කියල.

ස්සර දවසක උදෑසනක ඔබ
ශාන්ත ගමනින් පැමිනෙනු දුටු විට
රාස්සියක් යැයි කෙසේ සිතන්නද
සොදුරු සිනහවෙන් මුව සරසා ගෙන
යුද පිටියත් විය අපගේ පන්තිය
රිසි සේ පැතිරුනි ඩෝරගේ සද්දය
ට කරගෙන සංජුගේ බෙල් සද්දය
බ කල  කෙරුමන්අප මතකයේ ඇත
බා වගෙයි ඔබ යනවිට මහ පාරේ
කරං ගැලවෙයි සද්දෙට ඔබගේ
සැරසී සිටියත් ඩෙනිමෙන් රිසි සේ
ර බිය ගෙන දෙයි දුටුවන් මනසේ
දාංගලය තව අඩු නැත ඩෝරගේ
වාමන සහා ගැනමයි සිත තුල ඇත්තේ
රුවී ජීවිතය හැම සැප සම්පත් මත්තේ
නාග ලෝකයේ ඔබ රජ විය යුත්තේ
හොදම කතාව බලන්න නම් මේ කවියේ මුල් අකුරු ටික බලන්නකෝ…



2 comments:

  1. අපොයි මූ මගේ නමත් කාලා :D

    ReplyDelete
    Replies
    1. ඇයි මලේ හොද නැද්ද අපේ එකාගේ වැඩ?

      Delete